'හඳ මායාකාර ගෑනියක්' හමුවන්න 22 ගම්පහ ආසියානු නිවහනට එන්න

'හඳ මායාකාර ගෑනියක්' හමුවන්න 22 ගම්පහ ආසියානු නිවහනට එන්න

සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ රසිකා මුහන්දිරම්ගේ ගේ 'හඳ මායාකාර ගෑනියක්' කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද කතාබහටයි.

නොවැම්බර් 22 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.

තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7

මෙම කෘතිය පිළිබඳ කතාබහේ දී} සුසන්ත ආරියරත්න, මයුරි ලියනගේ සහ සුරංගි ලියනපතිරණ ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිත ය. මෙවර පැවැත්වෙන 88වන සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ භූෂන් ප්‍රදීප් කණ්ඩම්බි විසිනි. විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'හඳ මායාකාර ගෑනියක්' කාව්‍ය සංග්‍රහය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පිළිවන.

'හඳ මායාකාර ගෑනියක්' කාව්‍ය සංග්‍රහය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!

එදිනට විශේෂ වට්ටමක් සහිතව 'හඳ මායාකාර ගෑනියක්' කාව්‍ය සංග්‍රහය මිලදී ගැනීමට ද ඔබට අවස්ථාව උදා වෙයි.

එහෙනම්, නොවැම්බර් 22 වැනි සෙනසුරාදා හමුවෙමු.

The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් නොකෙරේ; එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන් ම ය!

 

 

584301662 122216271320098313 2089603352198829604 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න