නාමල්ගේ නීතිඥ උපාධිය ගැන ආණ්ඩුවට අභියෝගයක් !

නාමල්ගේ නීතිඥ උපාධිය ගැන ආණ්ඩුවට අභියෝගයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකොට එහි ප්‍රගතිය ජනතාවට ප්‍රසිද්ධි කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්සට තමන් අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුව ඇති බවත්, එයට පිළිතුරු දීම ඔහුගේ වගකීමක් බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක ඊයේ පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් කට උත්තර ගනු ලැබූවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර නොමැති බවය.

"ආණ්ඩුව ෆේල් වන විට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ" යනුවෙන් ද ඩීවී චානක මෙහිදී වැඩිදුරටත් පැවසීය.




තමන්ගේ උපාධිය ගැන නාමල් කියන කතාව


තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  2009 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ඉදිරිපත් කළ විදේශීය නීති උපාධිය (LLB) සම්බන්ධයෙන් මතුව ඇති රීති උල්ලංඝනය කිරීම් සහ විෂමතා පිළිබඳව https://www.examiner.media වෙබ් අඩවියේ පලවී අති විමර්ශනාත්මක වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමක දී ඔහු මේ බව කියා සිටියේය.

මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මඟින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්ත්වයක් තුළ සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

"මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කිහිපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහසවලට 21 වෙනිදා උත්තර ලැබේවි"




සබැඳි පුවතක් :

City University of London සරසවියේ විශේෂ ආදි විද්‍යාර්ථීන් 100 දෙනෙකුගේ ලැයිස්තුවේ නාමල්ගේ නමත් !


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න