ඉතිහාසයේ වසරකදී රැස්කර ගත් වැඩිම බදු ආදායම වාර්තා කරයි

ඉතිහාසයේ වසරකදී රැස්කර ගත් වැඩිම බදු ආදායම වාර්තා කරයි

වසර 1932 ඇරඹි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය අවුරුදු 93ක ඉතිහාසයේ වාර්තාකළ වැඩිම බදු ආදායම මේ වසරේ නොවැම්බර් 17 වන දින වන විට රැස් කරගෙන තිබේ.

වසර ආරම්භයේ එනම් ජනවාරි මස 01 වෙනිදා සිට නොවැම්බර් 17 වෙනිදා දක්වා රැස් කරගෙන ඇති ආදායම රුපියල් මිලියන 2,002,241 ක් (රුපියල් බිලියන 2,002.241ක්) පමණ වන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි පී. එච්. ප්‍රනාන්දු සඳහන් කළාය.

මෙය වසර 2024 වර්ෂයේ සමස්ථ ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමකි.

වසර 2024 දී  දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද රුපියල් මිලියන 1,942,162 ක බදු ආදායම සමග සැසඳීමේ දී 2025.11.17 දින වන විට බදු ආදායම රුපියල් මිලියන 2,002,241 ක් දක්වා වර්ධනය කර ගැනිම මගින් රාජ්‍ය මුල්‍ය තත්ත්වය ශක්තිමත්ව පවත්වා ගැනීමට තම දෙපාර්තමේන්තුව ප්‍රශංසනීය දායකත්වයක් සපයා ඇතැයිද ප්‍රනාන්දු පෙන්වා දෙයි.

පවත්නා බදු නීතියට අනුගත වෙමින් රට වෙනුවෙන් හා රටේ පොදු මහජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් බදු ගෙවන ලද ගෞරවනීය බදු ගෙවන්නන්ටත් ඒ සඳහා විවිධාකාරයෙන් සහයෝගය ලබා දුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන්ටත් කෘතඥතාව පළ කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

 


(ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න