විපක්ෂයේ රැලිය : 21 දහවල් 02 සිට නුගේගොට මාර්ග කිහිපයක් වැසෙයි

විපක්ෂයේ රැලිය : 21 දහවල් 02 සිට නුගේගොට මාර්ග කිහිපයක් වැසෙයි

හෙට (21) දහවල් 02.00 සිට කාල නියමයක් නොමැතිව නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හංදියේ සිට නාවල මාර්ගයෙහි නාවල වටරවුම දක්වා වූ කොටසෙහි (ආනන්ද සමරකෝන් එළිමඑහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථවාහන ගමනා ගමනය සීමා කිරීමට සිදුව ඇතැයි ‌පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඊට හේතුව ලෙස එහි සඳහන් වන්නේ හෙට සවස 02.00ට මිරිහාන පොලිස් වසමෙහි ආන්නද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වීමට නියමිත මහජන රැලියකට අවශ්‍ය ආරක්ෂක සැලසුමක් බවයි.

අදාළ කාල සීමාව තුළ එම මාර්ග භාවිත කරන රියදුරන් සහ මහජනතාවට ඇතිවිය හැකි අපහසුතා මගහරවා ගැනීම පිණිස විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මතු පළ වන්නේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි; ඒ කාල සිමාවේ දී භාවිත කළ යුතු විකල්ප මාර්ග පිළිබඳ විස්තරය ද මෙහි අන්තර්ගතය.

You don't have a pdf plugin, but you can download the pdf file.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න