ආණ්ඩුවේ අභිලාෂය නිදහස් සෞඛ්‍ය සේවය වසා දැමිම දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ ප්‍රශ්න කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ එම සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
රජයේ බලාපොරොත්තුව වන්නේ අනාගතයේ දී මෙරට වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෘත්තීයවේදීන් මේ රටට අහිමි කිරීම දැයි එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් ජයසිංහ විමසී ය.
මෙවර ඉදිරිපත් කළ අය වැයෙන් පිළිබිඹු වන පණිවිඩය එය යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
වීඩියෝ
ආණ්ඩුවට බදු ආදායම උපයා දුන් වෘත්තියවේදීන් අමතක කළ අයවැයක්

