ජාත්‍යන්තරය පවා පිළිගත් නමගිය කොටි ත්‍රස්තවාදීන් පිරිසක් නිදහස් කරලා - විමල් වීරවංශ

ජාත්‍යන්තරය පවා පිළිගත් නමගිය කොටි ත්‍රස්තවාදීන් පිරිසක් නිදහස් කරලා - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දා සිට යුධ අපරාධ පිළිබඳ අභූත චෝදනා නගමින් මෙරට නාවික හමුදා, යුද හමුදා සහ බුද්ධි අංශ රණවිරුවන් දඩයම් කිරීමට සැරසෙන අතර, පසුගියදා ආරක්ෂක ලේකම්වරයා විසින් ත්‍රස්තවාදීන් යැයි ජාත්‍යන්තරය පවා පිළිගත් නමගිය කොටි ත්‍රස්තවාදීන් පිරිසක් නිදහස් කරමින් තමන්ට මැතිවරණ කටයුතු සඳහා වියදම් කළ දෙමළ ඩයස්පෝරාව හා ජාත්‍යන්තරය පිනවීමට උත්සාහ ගනිමින් මේ රටේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවස චෝදනා කරයි.

ඔහු මේ ආකාරයෙන් රජයට චේදනා එල්ල කළේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී අද (20) විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුවේ දී විමල් වීරවංශ වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර ගේ පාලනය යටතේ රජය බටහිර ගැති සහ දෙමළ ඩයස්පෝරාවට ගැති "දෙබිඩි ප්‍රතිපත්තියක්" ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ජනාධිපතිවරයා මේ වන විට නාවික හමුදාවේ සහ හමුදා බුද්ධියංශවල නිලධාරීන් ඉලක්ක කරගත් ක්‍රියාමාර්ග ගනිමින්, එය "රණවිරු දඩයමක්" නොවන බවට ප්‍රකාශ කළ ද, මෙම පියවර අතීතයේ සිට ම බටහිර සහ ඩයස්පෝරාව විසින් ආරක්ෂක හමුදා වෙත එල්ල කරන මානව අපරාධ සහ යුද අපරාධ චෝදනා සනාථ කිරීමට උදව් දෙන ක්‍රියාමාර්ගයක් බව වීරවංශ අවධාරණය කළේ ය.

මතු පළ වන්නේඒම මාධ්‍ය හමුවේ දී විමල් වීරවංශ කළ සම්පූර්ණ කතාව ඇතුළත් දේශන පිටපතයි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න