වජිර, හරිශ්චන්ද්‍ර පිළිබඳ මතක ආවරජනය කරයි

වජිර, හරිශ්චන්ද්‍ර පිළිබඳ මතක ආවරජනය කරයි

දකුණු පළාත් ආණුඩුකාරවර වශයෙන් කටයුතු කරමින් සිටිය දී හදීසියේ ම ජීවිතක්ෂයට පත්වූ බන්දුල හරිස්චන්ද්‍ර මහතාට, එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සඳුදා උදෑසන බොරුල්ල රේමන්ඩ් මල් ශාලාව වෙත පැමිණ අවසන් ගෞරව දක්වා තිබුණා.

එතුමන්ට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව වජිර එතුමන්ගේ පුතුණුවන් ඇතුළු පවුලේ අය වෙත ශෝකය පළ කර සිටියා. එසේම මෙම අවස්ථාවේදී තම දුරකථනය හරහා නායක රනිල්ව ද සම්බන්ධ කර ගත් අතර නායක රනිල් ද තම ශෝකය හරිස්තන්ද්‍ර පවුල වෙත පළ කර තිබුණා. පැය බාගයකට අධික කාලයක් මෙම ස්ථානයේ රැඳි සිටි වජිර නැවත මල් පාර කාර්යාලය වෙත පැමිණෙන අතර හරිස්චන්ද්‍ර සහ තමා අතර තිබු සම්බන්ධය පිළිබඳ ෆේස්බුක් සටහනක් ලියන්නට වූයේ රාජ්‍ය සේවයේ සිටින අතර දී ඔහු කළ සේවය අගය කළ යුතු නිසාවෙනි.

බන්දුල හරිශ්චන්ද්‍ර පිළිබඳ වජිර ගේ මතක

"මා හරිස්චන්ද්‍ර මහතා දැන හඳුනාගන්නේ 2001 රාජ්‍ය පරිපාලන හා ප්‍රතිසංස්කරණ ඇමතිවරයා හැටියටයි. ඔහු සහ මා මුණ ගැසුණු දිනය මා හට සිහියට නැගේ. ඔහු එවකට අම්පාර දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස් වශයෙන් කටයුතු කරන අවස්ථාවේ ඔහු ගාල්ලට පැමිණීමට ස්ථානයක් අවශ්‍ය බව මා හට ද ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරින්ට අතරට පැමිණෙන අවස්ථාව ද මට මතකයට නැගේ.

ඉන් අනතුරුව දීර්ඝ කාලයක් ඔහු දේශපාලනයෙත්, රාජ්‍ය යාන්ත්‍රණයෙත් රැඳී සිටියදී, මා හට විටින් විට මුණගැසුණු අතර ඔහු සමග රාජ්‍ය යාන්ත්‍රණය සහ රට ගැන කතා කරපු අවස්ථා බොහොමයක් මාගේ මතකයේ ඇත.

අවසානයේ 2015 වර්ෂයේ දී මා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දී ඔහු වව්නියාවෙන් ස්ථානමාරු ලබා රත්නපුර දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ලෙස ද ඉන් කලකට පසු ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ලෙස ද, ආගමන හා විගමන කටයුතු දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජනරාල්වරයා ලෙස කටයුතු කිරීම මා හට සිහියට නැගේ.

එක්තරා අවස්ථාවක මා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිළධාරින් සමග සාකච්ඡාවකට ගිය අවස්ථාවක කිසිවෙකු නොමැතිව ඔහු සමග හම්බන්තොට දිසාපති නිල නිවසේ ඔහුත් මාත් පමණක් දිවා ආහාරය ගනිමින් පැය කිහිපයක් ගත කළ අතර, ඔහු විසින් ලියා තිබුණු පොතක් මා වෙත ලබා දී පොත ගැන ද විග්‍රහයක් කිරීම ද මාගේ මතකයට නැගේ.

ඔහු නීතිගරුක නිළධාරියෙකු ලෙස ඔහු හැදුණු වැඩුණු පරිසරය, ඔහුගේ නීතිගරුක භාවයත්, ඔහුගේ තීරණ වලටත් සම්බන්ධවීම ස්වභාව ධර්මයේ ස්වභාවයි. ඒ අනුව හරිස්චන්ද්‍ර පැතූ රට, හරිස්චන්ද්‍ර පැතූ ලෝකය පිළිබඳව මා හට අවබෝධයක් ඇත. එය ඉටු කිරීමට අපට හැකි බව සිහිපත් කරමි.

බෞද්ධ දර්ශනය අනුව අවසාන වශයෙන් ඔබට උතුම් වූ නිවන් සුවය ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි."

රාජ්‍ය සේවයේ නියුතු අවංක සේවකයා

බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය අඟහරුවාදා දින සවස ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ දී පැවැති අතර වජිර ඒ සඳහා ද සහභාගී වී සිටියේ රාජ්‍ය සේවයේ නියුතු අවංක සේවකයකුට තම අවසන් ගෞරව දක්වා සිටි යුතු නිසාවෙනි.

අවමගුල් උත්සවය සඳහා සම්බන්ධ වූ වජිරට අගමැති හරිනිත්, ඇමති හඳුන්නෙත්තිත් මුණ ගැසුණු අතර සියලු දෙනාම හරිස්චන්ද්‍ර පිළිබඳව මතකය නැවත ආවර්ජනය කර තිබිණි.

බන්දුල ගුණවර්ධන ගේ 'නියමාර්ථය පිළිබඳ තුලනාත්මක විමර්ශනය' ජනගත කෙරේ

මේ අතර හිටපු කැබිනට් අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සම්පාදිත "IMF ප්‍රකීර්ණ විසදුම්" (නියමාර්ථය පිළිබඳ තුලනාත්මක විමර්ශනය) ග්‍රන්ථය දොරට වැඩුම පසුගිය සඳුදා සවස Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට වජිරත් නායක රනිල් වික්‍රමසිංහ සමග සහභාගී වි සිටියේ ය.

මේ අතර අම්බලන්ගොඩ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් නගරාධිපති ලෙස තේරී පත්වූ අසේල ගොඩහේවා ගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත කුසුමාවතී මැතිණියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට වජිර පසුගිය අඟහරුවාදා උදේ එක්ව තිබුණා. අභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාරවර හරිස්චන්ද්‍ර ගේ අවමගුල් උත්සවයට යන අතරවාරයේ වජිර කුසුමාවතී මෑණියන්ටත් අවසන් ගෞරව දැක්වූ අතර අසේල ගොඩහේවා සමග ද බොහෝ වේලාවක් සාකච්ඡා කර තිබිණි.

ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකුගේ මළ ගෙයක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා පැමිණ අවසන් ගෞරව දැක්වීම ඒ මොහොතේ එතැන සිටි අය අතර කතාබහකට ලක්වුණු අතර වජිර ද මළ ගෙදරට පැමිණි අය සමග සුහද සාකච්ඡාවකට එක්ව තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න