ප්‍රංශයේ අන්තර්ජාතික සිනමා උලෙළකදී ලංකාවේ පැරණි චිත්‍රපටි 12ක් ප්‍රදර්ශනයට

ප්‍රංශයේ අන්තර්ජාතික සිනමා උලෙළකදී ලංකාවේ පැරණි චිත්‍රපටි 12ක් ප්‍රදර්ශනයට

‘ප්‍රංශ-ඉන්දියා-ශ්‍රී ලංකා සිනමා උරුමය’ ව්‍යාපෘතියේ අංගයක් ලෙස නොවැම්බර් 21 වැනිදා සිට 29 වැනිදා දක්වා ප්‍රංශයේ නැන්ටෙස් හි පැවැත්වෙන ‘ෆෙස්ටිවල් ඩෙස් 3 කොන්ටිනන්ට්’ හිදී සම්භාව්‍ය ශ්‍රී ලාංකික චිත්‍රපට දොළහක් ප්‍රදර්ශනය කෙරෙන බව කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.

කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ සහාය ඇතිව, ‘ශ්‍රී ලංකා සිනමාවේ ස්වර්ණමය යුගය’ මැයෙන් පවත්වන ලද මෙම වැඩසටහනේ දී මෙරට සිනමා උරුමය අන්තර්ජාතික වේදිකාවකදී සැමරීමට අවස්ථාව හිමිවේ.

මේ සඳහා ඉදිරිපත් කෙරෙන සිනමා කෘති මගින් ශ්‍රී ලංකා සිනමාව ගවේෂණය කෙරෙන අතර එම සිනමා කෘතිවලින් ඇතැම් ඒවා ප්‍රතිසංස්කරණය කරන ලද ඒවා වේ.

චිත්‍රපට උරුම පදනම විසින් සුමිත්‍රා පීරිස්ගේ විශිෂ්ට කෘතියක් වන ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය ප්‍රතිසංස්කරණය කිරීමට ගත් ප්‍රයත්නයේ දී ප්‍රංශ-ඉන්දියා-ශ්‍රී ලංකා සිනමා උරුම ව්‍යාපෘතියේ අංගයක් වශයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය සමඟ අප්‍රේල් මාසයේදී ආරම්භ කරන ලද සහයෝගීතාවක ප්‍රතිඵලයක් ලෙස මෙම සිනමා අතීතාවර්ජනය සිදුවේ.

‘ෆෙස්ටිවල් ඩෙස් 3 කොන්ටිනන්ට්’ යනු අප්‍රිකාව, ලතින් අමෙරිකාව සහ ආසියාවෙන් අද්විතීය චිත්‍රපට තෝරාගැනීමක් හරහා සිනමාව සහ ලෝකය පිළිබඳ වෙනස් දෘෂ්ටිකෝණයක් ඉදිරිපත් කරන චිත්‍රපට උළෙලකි.

එය 1979 සිට සෑම වසරකම ප්‍රංශයේ නැන්ටෙස් නගරයේ සහ ලොයර්-ඇට්ලන්ටික් කලාපයේ පවත්වනු ලැබේ.

 


(ceylonwire)




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න