පසුගිය 13 බ්‍රහස්පතින්දා රාත්‍රී 11 ට පමණ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි සෙන්ට් ලූක්ස් රෝහලේ දී ස්පාඤ්ඤ ජාතිකයෙකු එල්ල කොට සිදුවූ වෙඩි තැබීමකින් එරට පදිංචි චාමිකා හතුරුසිංහ නම් ලාංකික කාන්තාව බරපතල තුවාල ලබා තිබේ.
අදාළ ස්පාඤ්ඤ ජාතිකයා ඉන් පැයකට පසුව මියගොස් තිබේ.
සිය සැමියාගේ අතකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලට ගිය ඇය එහි අමුත්තන්ගේ ශාලාවේ සිටියදී වෙඩි තැබීමට ලක්ව ඇති අතර ඇයගේ කලව හා යටිබඩ ප්‍රදේශය ඉන් තුවාල ලබා තිබේ.
රෝහලට පැමිණි ස්පාඤ්ඤ ජාතිකයා ලග පිහියක් තිබෙන බවට අදාළ ස්කෑනරය පෙන්නුම් කරන බව පවසමින් රෝහලේ ආරක්ෂක අංශ ඔහු සමග ඇතිවූ බහින්බස්වීම දුරදිග යාමෙන් ආරක්ෂක අංශ ස්පාඤ්ඤ ජාතිකයාට තැබු වෙඩි පහරවල් වලට ලාංකික කාන්තාව ඉලක්කවී තිබේ.
ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදිශිෂ්‍ය ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු මේජර් හා එක්සත් ජාතීන්ගේ කටාර් තානාපති කාර්යාලයේ හිටපු නිළධාරිකයෙකු වන සම්පත් ලියනගුනවර්ධනගේ බිරිඳ මෙම වෙඩි තැබීමේ සිද්ධය ට ඉලක්කවී ඇති අතර ශල්‍යකර්මයකින් පසු ඇයගේ ශරීරය තුළ තිබූ මූනිස්සම් ඉවත් කර තිබේ.
මෙම සිද්ධියට ඇමෙරිකානු ජනමාධ්‍ය වලින් ඉහළ ප්‍රචාරයක් ලබාදී තිබිණ. ඇයගේ ජීවිතය යන්තමින් බේරුණ බවත් රෝහල් ආරක්ෂක අංශ වගකීමකින් තොරව සිදුකල වෙඩි තැබීමෙන් අගතියට පත් පාර්ශවය ලෙස විශාල වන්දියක් ලබා ගැනීම ගැන ද අවධානය යොමුව ඇති බවට ද එම ජනමාධ්‍ය වාර්තා කොට තිබිණ.
(සටහන - Ashoka Jayatunga)


