නුගේගොඩ රැලියේ වැඩිම ජන සහභාගිත්වය කළුතරින් !

නුගේගොඩ රැලියේ වැඩිම ජන සහභාගිත්වය කළුතරින් !

විපක්ෂ දේශපාලන බලවේගය විසින් සංධානය කල "මහා ජන හඩ" රැළිය ඉහළ ජන සහභාගීත්වයක් සහිතව ඊයේ නුගේගොඩදි පැවති අතර දිවයිනේ සෑම මැතිවරණ බලප්‍රදේශයකින්ම ජනතාව පැමිණ සිටි බව වාර්තා වේ.

නුගේගොඩ රැළියට ගම්පහ, කොළඹ සහ කලුතර දිස්ත්‍රික්ක නියෝජිතයනය කරමින් වැඩිපිරිසක් පැමිණ සිටියේය. ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජන සහභාගීත්වයට අදාලව ප්‍රමුඛ දායකත්වය ලබාදී තිබිණ.

මේ අතර ඊයේ කලුතර දිස්ත්‍රික්කයේ කැපී පෙනෙන ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර එය කාගේත් විශේෂ අවධානය ලක් විය. .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් නායකත්වය දරන්නේ සංජීව එදිරිමාන්න යි. හොරණ, මතුගම, බුලත්සිංහල, කලුතර, බේරුවල, අගලවත්ත, බණ්ඩාරගම සහ පානදුර ආසන අටම ඒ සදහා දායකවී තිබිණ.

සංජීව එදිරිමාන්න ගේ නායකත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර, හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව, දිලිප් වීරක්කොඩි, උදේනි අතුකෝරළ, හේමන්ත ප්‍රනාන්දු, අසේල ලියනගේ කලුතර පොහොට්ටුවෙ ආසන සංධායකයින්  දිගු පෙළපාළියකින් රැලියට එක්වූ ආකරයි මේ .



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න