නවතම පුවත්
පදියතලාවේ අය වැය දෙවනි වරටත් පරාද වෙයි
නවතම පුවත්
පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය පසුගිය 14 වෙනි දින පරාජයට පත් වූ අතර එම අයවැය දෙවනි වරත් අද 21 පදියතලාව ප්‍රාදේශීය සභාවේදි පැවති විය.
එය දෙවනි වරටත් පරාජය වු අතර. අයවැයට පක්ෂව ඡන්ද 07 ලැබුන අතර විපක්ෂව ඡන්ද 12 ක් ලැබී තිබේ.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු හත්දෙනා අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර සමඟි ජන බලවේගය,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය,සර්ව ජන බලය ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරනු ලැබීය.
මෙදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දිනේශ් පරාක්‍රම සභාවට පැමිණි නොසිටි අතර ඔහු නුගේගොඩ රැලියට සහභාගී වීමට ගොස් තිබිණි.