කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන සිව්දෙනෙකු දක්වා ඉහළට

කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන සිව්දෙනෙකු දක්වා ඉහළට

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.

සුන්බුන් අතර සිරව සිටියදී මුදා ගත් පුද්ගලයින් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අද පෙරවරු 9.00ට පමණ පහලකඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල්පෙරළීමෙන් සිදුවු මෙම අනතුරින් සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර මුදා ගැණුනු පුද්ගලයින් සිව්දෙනෙකු මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සුන්බුන් අතර තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සිරව සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා තවදුරටත් මෙහෙයුම් සිදුකර බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර අදාල ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් නායයෑම සිදුවු ස්ථානය නැරඹීම සදහා පැමිණීමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා අවට ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න