නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
එහි සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ, උතුරු පළාතේ ආයෝජන කාලප තුනක්, වයඹ, නැගෙනහිර හා දකුණු පළාත් වල එක් ආයෝජන කලාපය බැගින් ඒ අනුව පිහිටුවන බවයි.
අක්කර 300 ක විශාලත්වයෙන් යුත් උතුරු පළාතේ කන්කසන්තුරෙයි ආයෝජන කලාපයේ ඇගලුම් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතයි
අක්කර 200 ක විශාලත්වයෙන් යුත් පරන්තන් ආයෝජන කලාපයේ රසායානික නිෂ්පාදන කම්හල් පිහිටුවීමට නියමිත බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
මාන්කුලම් ආයෝජන කලාපය අක්කර 200 ක විශාලත්වයෙන් යුක්තයි.
කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන එකතු කළ අගය මත අපනයනය කිරීම සඳහා එහි පහසුකම් සැලසෙයි.
අර්ජුන හේරත් මහතා පැවසුවේ, ඉරණවිල ආයෝජන කලාපයේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පිහිටුවන බවයි.

