'කැත වැඩ කරන්න එපා! - හෙට සිට රටේ විගණකාධිපතිවරයෙක් නැහැ' - දයාසිරි

'කැත වැඩ කරන්න එපා! - හෙට සිට රටේ විගණකාධිපතිවරයෙක් නැහැ' - දයාසිරි

රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන බව ජනාධිපතිවරයා පැවසුවද හෙට දිනයේ සිට මෙරට විගණකාධිපතිවරයෙක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රා දයාසිරි ජයසේකර  කියා සිටියි.

ඔහු අද පාර්ලිමේන්තුවේදි මේ බව පවසා සිටියේය.

එහිදි මන්ත්‍රිවරයා පැවසුවේ ආණ්ඩුව බලයට පත් විමෙන් පසු හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම ගිය බවත් මේ වන තෙක් නව විගණකාධිපති කෙනෙක් පත්කර ගැනිමට කටයුතු කර නොමැති බවත් ය.

හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම ගිය පසු දින 14කටත් ඉන් පසු දින 30කට වැඩ බලන විගණකාධිපතිවරයෙක් පත් කර ගන්නා අතරවාරයේ ජනාධිපති අනුර කුමාරගේ මිතුරකු වන චන්දන නැමැත්තා ගේ නම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කිරිමට කටයුතු කර තිබෙන බව දයාසිරි චෝදනා කර සිටියා.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වු දයාසිරි,

''මේක ඉතාම නින්දිත වැඩක්''

''මම කියන්න කැමතියි අද වෙනකොට දැන් හෙට උදේ ඉඳලා රටට විගණකාධිපති කෙනෙක් නැහැ. මොකද හේතුව තමුන් වහන්සේලාගේ ආණ්ඩුව තමයි මේ කතාව කිව්වේ පටන් ගන්නකොට මේ රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරනවා කියලා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ එතකොට 2025 /04/08 තමුන් වහන්සේලාගේ ආණ්ඩුව යටතේ‍ හිටපු විගණකාධිපති විශ්‍රාම යනවා. දින 14කට විගණකාධිපති කෙනෙක් පත් කරනවා. ආපහු 2025 04/23 තව දින 30කට වැඩ බලන්න පත් කරනවා.

ඒ අස්සේ මොකද කරන්නේ ව්‍යවස්ථාදායක සභාවට ගෙනල්ලා තමුන් වහන්සේලා අනුර දිසානායක සහෝදරයාගේ යාළුවා චන්දන මහත්තයා කැලණිය විශ්වවිද්‍යාලය එක දවසක් රාජ්‍ය සේවය නැහැ. එක දවසක් පාර්ලිමේන්තුවේ විගණන කටයුතු පිළිබඳ දැනුමක් නැහැ. මෙයාව ගෙනල්ලා ඉන්දවන්න තමයි වැඩ පිළිවෙල සකස් කරන්නේ. දැන් ඒක හරියන්නේ නැති හින්දා මොකද කරන්නේ තව මාස හයකට ආපහු එකම දික් කරනවා.

දැන් ඊයේ අපිට ආරංචි තියෙන හැටියට ව්‍යස්ථාදායක සභාවයෙන් මේ මාස තුනක දාපු එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් හෙට උදේ ඉඳලා විගණකාධිපති කෙනෙක් නැහැ ලංකාවේ.

එතකොට තමුන් වහන්සේලා මොකක්ද මේ බලා ඉන්නේ ලබන ජනවාරි වෙනකොට මේ මේ ව්‍යස්ථදායක සභාවේ ප්‍රතාප්‍ රාමෝජන්, අනුල විජේසුන්දර, දිනේෂා සමරන්ද තුන් දෙනාම ඉවත් වෙනවා. ජනවාරි තුන්වෙනිද වෙනකල් මේක ඇදගන්න තමයි තමුන් වහන්සේලා උත්සහය. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා අද විගණකාධිපති කෙනෙක් නැති රටක් බවට දැන් මේක පත්වෙලා තියෙන්නේ.

මම ගෞරවයෙන් ඉල්ලනවා අනුර නේද දයාසිරි කියලා කතා කරනවා දයා කියලා මම කියන්නේ අනුර කරුණාකරලා මේ කැත වැඩේ කරන්න එපා. මේකට නෙමෙයි තමුන් වහන්සේව අපි පත් කෙරුවේ. මේ රටේ ජනතාව තමුන් වහන්සේව පත් කෙරුවේ මේකට නෙමෙයි. ඒ නිසා කරුණාකරලා අපේ අනුර සහෝදරයාගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ වැඩේට අත ගහන්න එපා මේක ඉතාම නින්දිත වැඩක්.

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න