ඇමැති කෙනෙක් මාධ්‍යවේදනියකට කැත විදියට කතා කරලා

ඇමැති කෙනෙක් මාධ්‍යවේදනියකට කැත විදියට කතා කරලා

නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදනයකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අසෝබන අයුරින් කතා කර ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය.

පාර්ලිමේන්තුව ඇතුලේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, මාධ්‍යවේදියක් හෝ පාර්ලිමේන්තු සේවිකාවක් කිසිම අයුරක ලිංගික අඩන්තේට්ටමකට ලක් නොවිය යුතු බවද අජිත්.පී.පෙරේරා සඳහන් කළේය.

"ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකට ඉතාම නරක විදියට තවත් මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අසෝබන ලෙස කතා කර ඇතැයි පාර්ලිමේන්තුව ඇතුලෙන් මට ආරංචි වුණා.ඔහු කලින් අධ්‍යාපනය සම්බන්ධවත් වගකීම් දරපු පුද්ගලයෙක්.පාර්ලිමේන්තුව ඇතුලේ බොහොම හයියෙන් යම් කාරණා ගැන කතා කරනවා.පාර්ලිමේන්තුව ඇතුලේ චන්ඩ් කතාවක් කරලා ඒ ගමන්ම එළියට ගිහිල්ලා දක්ෂ, තරුණ මාධ්‍යවේදනයකට නොකළ යුතු පීඩාකාරී අයුරින් තවත් අය ඉදිරිපිටදී හිංසාකාරීන් ලෙස කතා කර තියෙනවා.

ඒ වාචික ප්‍රහාරයට ලක් වීමට අකමැති බවට දිගින් දිගටම ඇය ප්‍රකාශ කරද්දී මෙලෙස ඉරිහැරයට ලක් කර තිබෙනවා.

මේක ඉතා බරපතල ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, මාධ්‍යවේදියක් හෝ පාර්ලිමේන්තු සේවිකාවක් කිසිම විදියක,කිසිම අයුරක ලිංගික අඩන්තේට්ටමකට ලක් නොවිය යුතුයි.විශේෂයෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමේ වගකීමක් අපට තිබෙනවා.මේ මාධ්‍යවේදනියට අදාල නියෝජ්‍ය අමාත්‍යවරයා තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරිපිට කරපු මේ බරපතල අපචාරී ක්‍රියාව අප තරයේ හෙලා දකිනවා.මේ නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමේ වගකීමක් ජනාධිපතිවරයාට තිබෙනවා.

මේ උදවියට රාජ්‍ය බලය ඇඟට ගහල තියෙන්නේ. තමන් එක්ක එකට වැඩ කරපු ප්‍රසිද්ධ දක්ෂ මාධ්‍යවේදනියකට මේ අයුරින් සැලකීම බරපතල උද්දච්චකමක්.බරපතල වරදක් ලෙස අප දකිනවා. ඇත්ත වශයෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවා ඔහුට එරෙහිව කටයුතු කරන්න පුළුවන් යනුවෙන්ද අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න