21 වන දින නුගේගොඩ ආනන්ද සමරකෝන් ක්‍රිඩාංගනයේ පැවැති මහා ජන හඩ රැළිය සඳහා පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සපැමිණි පිරිස ඉස්ලාම් ආගමික වතාවත් හි පිහිටවනු ලැබු සිරාජුඩින් නිබ්රාස් මුහම්මදු මවුලවිතුමන් හට එම රැස්වීමෙන් අනතුරුව එල්ල වු මරණීය තර්ජන පිළිබඳව සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ලිපියක් බාර දෙන ලදී.
නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර, නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග, මුල්‍ය කටයුතු ලේකම් දිනුෂ්ක ගුණසේකර යන අය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

