ගරුතර මහා සංඝරත්නයට ගරු කළ හැකි, පන්සලේ අවශ්‍යතා සොයා බැලිය හැකි, බෞද්ධ සංස්කෘතියට ගරු කළ හැකි අමාත්‍යවරයෙක් පත් කර ලෙස ආණ්ඩුවට ප්‍රකාශ කර සිටින්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මහා ජන හඩ සඳහා පැමිණි ජනතාවට ස්තුති කරමින් ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගිෂ්වර බණ්ඩාර...
''එදා 21, නුගේගොඩ රැස්වීමට වැඩම කරපු කිසිම නායකයෙක් දේශපාලන කතා පැවැත්වූයේ නෑ. එදා වැඩම කරපු ඉස්ලාම් ආගමික නායකතුමා තමයි නිබ්රාස් මුහම්මදු මවුලවිතුමා. එතුමා ගෙදර යනවිට එතුමාට මර්ණ තර්ජන කරනවා. එතුමාගේ බිරිඳට දරුවන්ට තර්ජන කරනවා. අද එතුමන් ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න සුදානම්. ආගමික නායකයින් ඉලක්ක කරගෙන ඉතා කැත විදිහට සලකනවා. කාලිංඝ මාඝට හා පාපිසි 159 අපි කියනවා පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නෑ. අපේ සටන අපි ඉදිරියට කර ගෙන යනවා. අපිට කෙඳිරි ගාන්න එපා කිව්වට එදා රැස්වීමෙන් පසු ආණ්ඩුවට ඇඬිලා තියෙන බව අපිට කියන්න පුළුවන්.''

