විසඳුම් ප්‍රකාශ කිරීමට වෛද්‍ය සංගමය පැය 48ක් කල්දෙයි

විසඳුම් ප්‍රකාශ කිරීමට වෛද්‍ය සංගමය පැය 48ක් කල්දෙයි

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලුවලට ඉදිරිපත් කළ විසඳුම් ප්‍රකාශයට පත්කිරීමට වගකිව යුත්තන්ට පැය 48ක කාලයක් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කර ඇත්තේ එසේ පැය 48ක් තුළ විසඳුම් ලබාදීමට නොහැකි වුවහොත් 26 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමට තීරණය කිරීමට නියමිත බවය.

ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමති ඇතුළු වගකිවයුත්තන් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු විසඳීම වෙනුවෙන් නිශ්චිත කාලරාමුවක් සහිත විසඳුම් මාලාවක් ප්‍රකාශයට පත්කිරීම තුළ වර්තමානයේ සෞඛ්‍ය පද්ධතිය තුළ උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීමට වහාම මැදිහත් විය යුතු බවට තම සංගමය විශ්වාසය කරන බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

You don't have a pdf plugin, but you can download the pdf file.

 වෛද්‍ය හන්සමාල් වීරසුරිය

වෛද්‍ය චමිල් විජේසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න