'නැගෙනහිර පුරාවිද්‍යා නාම පුවරු ගැලවූ සියල්ලන්ටම එරෙහිව නිතිය ක්‍රියාත්මකයි' පොලිස් ඇමති

'නැගෙනහිර පුරාවිද්‍යා නාම පුවරු ගැලවූ සියල්ලන්ටම එරෙහිව නිතිය ක්‍රියාත්මකයි' පොලිස් ඇමති

රටේ ප්‍රාන්ත රාජ්‍ය නැති බවත් ඇත්තේ එකම රටක් හා එකම නීතියක් බැවින් රටේ නීතියට පිටින් ගොස් ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කිරිමේ අභිලාෂය සහිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන හඳුනා ගැනීමට සවි කළ නාම පුවරු ගලවා දැමූ සියල්ලන් විෂයෙහි නිසි පරදි නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.

ඇමතිවරයා කීවේ පොලිසියට ලැබී ඇති පැමිනිල්ල අනුව මෙම නාමපුවරුවලින් කොටසක් ගලවා ඇත්තේ වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති, උප ලේකම්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ තවත් පුද්ගලයෙක් බවය.

ජාතිවාදය වැපිරවීමට කිසිම කණ්ඩායමකට මේ රට තවත් තුළ ඉඩක් නැහැ

තවත් පිරිසක් විමර්ශන කර අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කී ඇමතිවරයා ජාතිවාදය වැපිරවීමට කිසිම කණ්ඩායමකට මේ රට තුළ ඉඩ ලබා නොදෙන බව කීවේය.

මේ බව ඇමතිවරයා ප්‍රකාශ කළේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ නාමපුවරු ගැලවීම සම්බන්ධව අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී ඇමතිවරයා තව දුරටත් මෙසේද පැවසිය.

''නැගෙනහිර පාළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවි කරන ලද නාම පුරවු කීපයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සභාවට යම් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාලච්චේන සහ කොක්අඩිචෝල පොලිස්වසම්වල හඳුනා ගත් පුරාවිද්‍යා ස්ථාන වලට ගමන් ගන්නා මාර්ග හඳුනා ගැනීම සඳහා සවි කර තිබූ නාම පුවරු කීපයක් කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කර ඇති බවට වාලච්චේන හා කොක්අඩිචෝල පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබිලා තියනවා.

වාලච්චේන පොලිස්වසමේ දේවිමලෙයි පුරාවිද්‍යා ස්ථානයට යන මාර්ගය හඳුනා ගැනීම සඳහා තික්කි වෙට්ටි හන්දිය වලච්චේන ස්ථානයේ සවි කළ පුවරුවත්, කොඩුක්ච්චේන, සාරාවඩි යන ස්ථානවල සවි කර තිබූ පුරාවිද්‍යා සලකුණු සහිත නාම පුවරු 06ක් 25/11/22 දින ගලවා ඉවත් කර ඇති බවට කිරාන් පුරවිද්‍යා ප්‍රදේශීය කාර්යාලයේ සංවර්ධන නිලධාරී ලෙස රාජකාරි ඉටු කරන ශිවලොගන් කනන් සිලෝජිනී යන අය විසින් වාලච්චේන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම නාම පුවරු වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති සුධාකරන්, උප ලේකම් පද්මනීදන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආනන්ද ඉසිවරාසන් සහ සෙල්වනගර් කිරාන් ලිපිනයේ පදිංචි සුන්දරලිංගම් නැමැති අය ගලවා ඉවත් කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබිලා තියනවා.

මේ අනුව මේ සිද්ධියට අදාලව 25/11/24 දින වාලච්චේන අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන් සහ අදාල දේපල අත් අඩංගුවට ගැනීමට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මේ වනවිට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරි වාලච්චේනගේ මූලිකත්වයෙන් විමර්ශන පැවැත්වෙනවා.

කොක්අඩිචෝලේ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස හඳුනාගත් ශාන්තමලෙයි. කෝවිලට හැරෙන හන්දිය සහ කාන්තාමලෙයි කෝවිලට හැරෙන හන්දියේ සවි කර තිබූ නාම පුවරු දෙකක් 25/11/21 දින කිසියම් පිරිසක් විසින් ඉවත් කර ඇති බවට පට්ටිපොලෙයි පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා නිලධාරියෙක් ලෙස කටයුතු කරන සුන්දරන් චන්ද්‍රකන්තන් මහතා විසින් 25/11/23 දින කොක්අඩිචෝලෙයි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. “

මෙම පුවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් අද දින මඩකලපුව අධිකරණයට කරුණු වාර්තා කර මෙම නාම පුරවරු ගැලවූ අය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරී කලවංචිකුඩිගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස්පතිවරයා මේ වනවිට දැනුම් දී තිබෙනවා. “

“නීතිය රටේ කාටත් පොදුයි. සමහර අය හිතන් ඉන්නවා තම තමන්ට ප්‍රාන්ත රාජ්‍ය තියනවා කියලා. එහෙම දෙයක් නෑ. උතුරටත් නැගෙනහිරටත් දකුණටත් බටහිරටත් නීතය කාටත් පොදුයි. ඒ හින්දා මේ වගේ ක්‍රියාමාර්ගවලට ඉඩ දෙන්න බෑ.

පුරාවිද්‍යා ස්ථාන සලකුණු කරන නාම පුවරු දීර්ඝ කාලයක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සලකුණු කරගෙන යනවා. මේක රටේ නීතිය. පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කරගැනීමෙන් යම් ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කරගැනීමට යම් යම් පිරිස් උත්සාහ කරන ආකාරය අප මින් පෙරත් දැකලා තියනවා. ඒ නිසා නිරන්තරයෙන් මේ සභාවට අපි ප්‍රකාශ කරන පරිදි ජාතිවාදයට මේ රටේ මොනම ඉඩක් නෑ. නීතිය හැමෝටම පොදුයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න