පහළ මැද පංතියේ විශාල පිරිසක් නීත්‍යනුකුලව හෝ අනීතිකව විදෙස් රටවල රැකියා කෙරෙහි යොමු වන්නේ අය වැය තුළින් එම පුද්ගලයින්ගේ ජිවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට නොහැකි බව වටහාගෙන ඇති බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මෙවර අය වැය පිළිබඳ විහේෂ කතා බහක් නොපැවතිය ද: වෛද්‍යවරු, ගුරුවරු, ගොවියන් යනාදි පිරිස් මෙන් ම නව කර්මාන්ත යනාදිය සම්බන්ධයෙන් ද පැහැදිලිතාවක් නැති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)

