ජල සම්පාදන මණ්ඩලයේ සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කරන්න - සජිත් රජයෙන් ඉල්ලයි

ජල සම්පාදන මණ්ඩලයේ සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කරන්න - සජිත් රජයෙන් ඉල්ලයි

ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කම්කරු තනතුරේ සිට රසායනාගාර සහකාර තනතුර දක්වා මෑන් පවර් සේවකයන් 2000ක් වාර්ෂිකව කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා ඇති බැවින් මේ අය වසර 25 දක්වා විශාල කාලයක් තුළ සේවයේ නියැළී ඇති, විවිධ දක්ෂතා ඇති මේ සියලු දෙනා ස්ථිර කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

වත්මන් රජයේ අයවැය යෝජනාවක් ලෙස 9800ක් ස්ථිර කිරිමට ඇති නිසා මේ 2000 ස්ථිර කරන ලෙස ඉල්ලා සිටිනවා. දීර්ඝ කාලයක් මේ අය සේවය කිරීම නිසා ලොකු අත්දැකීමක් තිබෙනවා.

ආණ්ඩුව දැන් මාධ්‍යවේදීන් CID කැඳවන්න හදනවා

පොලිසියෙන් පොලිස් සහතිකය ලබා ගැනීමේ දී මේ මොහොත වන විට සෘජුව හෝ වක්‍රව සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මෙය තිබෙන්නේ හක්මන සහ කඹුරුපිටිය පොලිස් බල ප්‍රදේශයේ. මේ ගැන රටට හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් එම මාධ්‍යවේදීන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

වත්මන් රජය විපක්ෂයේ සිටින විට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම ආරක්ෂා කිරිම සම්බන්ධයෙන් කතා කළත් දැන් බලයට පැමිණි පසු මාධ්‍ය මර්ධනය කිරිමට රජය උත්සාහ කරනවා. රජය සිදු කරන්නේ වැරදි ක්‍රියාවක්. රජය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මාධ්‍ය ක්ෂෙත්‍රය සුරක්ෂිත කළ යුතු යි. මාධ්‍යවේදීන්ගේ තොරතුරු වාර්තාකරණයට නිදහස ලබා දිය යුතු යි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනත ඉවත් කරනවා කිව්වත් 2/3ක් තියාගෙන රජය එය ඉවත් කරන්නේ නැහැ. රජයට මාධ්‍යවේදීන් වැදගත් වන්නේ විපක්ෂයේ සිටින විට බලය ලබා ගැනීමට පමණක් ද? එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන නිදහස් මාධ්‍ය ආරක්ෂා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. නිදහස් මාධ්‍ය විනාශ නොකරන ලෙසට ඉල්ලා සිටිනවා.''

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න