ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) හිටපු සභාපති මොහොමඩ් හිල්මි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
ඊශ්‍රායලයට කම්කරුවන් යැවීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය පාලන සමයේ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීම සම්බන්ධයෙන් සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් එවකට විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනූෂ නානායක්කාර ද අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා මේ වන විට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මූලාශ්‍රය

