නිර්මාණාත්මක ඡායාරූපකරණ වැඩමුළුවක් - වෙනස් ලෙස දැකීමේ කලාව සොයා ගන්න!

නිර්මාණාත්මක ඡායාරූපකරණ වැඩමුළුවක් - වෙනස් ලෙස දැකීමේ කලාව සොයා ගන්න!

මැරිගෝල්ඩ් ක්‍රියේෂන් ආයතනය  විසින් මෙහෙයවන ලබන නිර් මාණාත්මක ඡායාරූපකරණ වැඩමුළුවට සම්බන්ධ වී තෙවැනි ඇස හරහා දෘශ්‍ය කතන්දර කීමේ ලෝකය ගවේෂණය කරන්න.

ඔබ ආධුනිකයෙකු  හෝ ඡායාරූප ලෝලියකු වුව ද, නිර්මාණශීලීත්වයෙන් සහ විශ්වාසයෙන් යුතුව  කැමරාව හරහා කථා ග්‍රහණය කර ගැනීමට මෙම වැඩමුළුව ඔබව මග පෙන්වනු ඇත.

ඡායාරූපකරණ වැඩමුළුව නොවැම්බර් 30 වන ඉරිදා පෙ.ව. 9.00 සිට  ප.ව. 4.00දක්වා  සීතාවක  උද්භිද උද්‍යානයේ දී පැවැත්වේ.

මෙම ඡායාරූපකරණ වැඩමුළුවේ  ප්‍රවීණ සහ සම්මානනීය ජායාරූප ශිලිපී  නාරද අමරතුංග සහ වරුණි අනුරුද්ධිකා විසින් මෙහෙයවනු ලබන අතර වැඩමුළුව අවසානයේ සහභාගීත්ව සහතිකයක් පිරිනමනු ලබයි. එයට අමතරව වැඩමුළුවට සහභාගී වන්නන්ගේ  ජායාරූප අතරින් තෝරාගත්  චායරූප ඇතුළත්  ප්‍රදර්ශනයක් මැරිගෝලඩ් ක්‍රියේෂන් ආයත්නයේ මැරිගෝල්ඩ් ගැලරිය විසින්  සංධානය  කරනු ඇත.

මෙම වැඩමුළුවේ සාකච්චා කරනු ලබන  ප්‍රධාන  තේමා

• ඡායාරූපකරණයේ සහ සංයුතියේ මූලිකාංග
• දෘශ්‍ය කතන්දර කීම සදහා  නිර් මාණාත්මක රාමු කිරීම සහ ආචාර ධර්ම
• කෘතිම ආලෝකකරණය සහ ආම්පන්න
• ප්‍රායෝගික පුහුණුව
• ඡායාරූප සමාලෝචනය

මෙම වැඩමුළුව සදහා ගාස්තු අයකිරීමක් නොකරන අතර  වැඩමුළුවට ඇතුල්වීම  සඳහා  පහත  ලින්කුවේ  පෝරමය පුරවා  වට්සැප් හෝ විද්‍යුත් තපෑල මගින් ලබීමට සලස්වන්න .

ලින්කුව :  https://docs.google.com/document/d/1EaBnS8ITpR6sdB3KCywGj6xezqmH6SnoOzf-uCUTkME/edit?usp=sharing
 
වට්සැප් : +94 772512364
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  
 
වැඩි විස්තර සදහා පහත අංකයෙන් සම්බන්ධ විය හැකි ය.
0772512364 / 0770335426
 
මැරිගෝල්ඩ් ක්‍රියේෂන්  අධ්‍යාපනය සහ  වෘත්තීය පුහුණු ආයතනයක් සේම  ප්‍රජා මූලික   කලාගාරයක් සහ  පර්රයේෂණ මධ්‍යස්ථානයක්  වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න