එක්සත් ජාතීන්ගේ නාමයත් භාවිතා කරමින් සිදු කළ ජාවාරමේ අග මුල හෙළි වෙයි

එක්සත් ජාතීන්ගේ නාමයත් භාවිතා කරමින් සිදු කළ ජාවාරමේ අග මුල හෙළි වෙයි

එක්සත් ජාතීන්ගේ නාමයත් භාවිතා කරමින් සිදු කළ ජාවාරමේ අග මුල හෙළි වෙයි


අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සිදු කළ දුරකතන සංවාදයක විකෘති හඬ පටයක් ප්‍රසිද්ධ කරමින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය ජාවාරම පිළිබඳව තොරතුරු රැසක් හෙළි වී ඇතැයි 'ලංකා ට්රුත්' (lankatruth) වෙබ් අඩවිය වාර්තා කරයි.

Invoice

ඇමතිවරයා ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) පැමිණිලි කරනු ලැබීය.

 United Nations Human Rights Organization යනුවෙන් හඳුන්වා ගන්නා සංවිධානයක් පිහිටුවා ගෙන ඇති ජාවාරම්කරුවෙකු කාලයක් තිස්සේ එම ජාවාරම පවත්වා ගෙන ගොස් තිබෙන බවද 'ලංකා ට්රුත්' වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබඳ තොරතුරු රැසක් මෙයට පෙර ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කර තිබූ වාර්තාවකින් ද හෙළි කර තිබිණි.

පරිත්‍යාග බව දක්වමින් ඉන්දියාවෙන් ගෙන්වන ලද සහල් කිලෝ ග්‍රෑම් 130,000ක් නිදහස් කර ගැනීම සඳහා හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ සහයෝගය ජාවාරම්කරුවා ඉල්ලා තිබිණි. රේගු ගාස්තුවලින් නිදහස් කළ නොහැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමඟ විකෘති කළ හඬපටය සමාජ මාධ්‍යයට මුදා හැර ඇතැයි 'ලංකා ට්රුත්' වැඩිදුරටත් කියා සිටියි.



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න