කොළඹ දිස්ත්‍රික්කයේ ඇතිවන හදිසි ආපදා දැනුම් දෙන්න දුරකථන අංකයක්

කොළඹ දිස්ත්‍රික්කයේ ඇතිවන හදිසි ආපදා දැනුම් දෙන්න දුරකථන අංකයක්

ඉදිරි පැය 48 තුළ ඇතිවන අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වයට මුහුණ දීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (27) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය.

මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට හදිසි තත්වයන් දැනුම් දීම සඳහා ක්ෂණික ඇමතුම් අංක 117, කොළඹ දිස්ත්‍රික් ආපදා කලමනා කරණ සම්බන්ධීකරණ ඒකකය 0112434028 සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානය 0112136136 යන දුරකතන අංක හදුන්වා දුන්නේය.

මීට අමතරව පිළිගත් ජනමාධ්‍ය හරහා නිකුත් කරන ප්‍රවෘත්ති හා හදිසි නිවේදන වලටද අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දන්නවන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න