පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගය මැදමහනුවර සිට හසලක දක්වා කොටස හෙට උදෑසන 07.00 තෙක් වසා දැමීමට මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.
එම මාර්ග කොටස තුළ දැඩි ආපදා සිදුවීම සහ විටින් විට සිදුවන පස් සහ ගල් පෙරළීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සඳහන් කර සිටියේය.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වැඩිම හානි සිදුවී ඇති බවත් මහවෙල ග්‍රාම නිලධාරී වසමේ මරණ දෙකක් සහ ගංගොඩ ග්‍රාම නිලධාරී වසමේ මරණ තුනක් මේ වන විට වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
මේ වන විට අවතැන් කඳවුරු හතක පවුල් සියයක පමණ ප්‍රමාණයක් රැදවීමට පියවර ගෙන ඇති බවත් අතුරුදහන් වුවත් මුදා ගැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය සහ ගම්වාසින් එක්ව මේවන විටත් යුහුසුළුව කටයුතු කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

