පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු කේ ඩඩ්ලිව්. කණ්ඩම්බි පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක කොළඹමාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව යන සියලුම මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා පවතින අයහපත් කාලගුණ තත්වයෝ පහව යනතුරු නොමිලේ ගමන් පහසුව සලසා ඇතැයි අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම පහසුකම තීරෝද රථ සහ යතුරුපැදි සඳහා වලංගු නොවන බව ඔහු වැඩිදුරටත් දන්වා සිටී.

