'වහාම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න,බැරිනම් අපිට දෙන්න' - විපක්ෂ නායක

'වහාම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න,බැරිනම් අපිට දෙන්න' - විපක්ෂ නායක

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තාවී තිබේ.



ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා සිදුවී ඇති ආපදා මරණ 56ක් දක්වා ඉහළගොස් ඇත.

පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී.

නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බවද ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

බරපතළ ආපදා තත්ත්වයක් පවතින හෙයින් වහාම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ඊයේ (27 වැනිදා) රජයෙන් ඉල්ලීමක් කළේය.

කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් මෙම ඉල්ලීම කළ විපක්ෂ නායකවරයා මෙසේද පැවසුවේය.

''මුළු රටටම දැවැන්ත විනාශයක් වෙලා තියෙන මේ වෙලාවෙත් ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා නැහැ. මෙවන් ආපදා අවස්ථාවක ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කළහොත් ආපදාවන්ට ලක්ව සිටින පිරිස්වලට ඉක්මනින් සහන දෙන්න පුළුවන්. වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න. ''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න