මාතර දිස්ත්‍රික්කයට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව මාතර ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආර ඔය පිටාර ගැලීමෙන් මතුව තිබු සුළු ගංවතුර තත්ත්වය තව දුරටත් පවතින බව සඳහන් වෙයි.
මේ හේතුවෙන් කඹුරුපිටිය කද්දුව මාර්ගය ගෝදාව ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතුවලට සුළු වශයෙන් බාධා මතුව තබේ.
එම ප්‍රදේශය ආශ්‍රිත පහත් බිම් රැසක්ද ජලයෙන් යටව පවතින බව සඳහන් වෙයි.
මෙම සුළු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව මාතර ආපදා කළමණාකරන ඒකකය වැඩිදුර සඳහන් කරයි.
(Adaderana.lk)

