විපතටපත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන්නැයි පාරිභොගික අයිතින් සුරුකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ ඉල්ලා සිටියි.
ඔහු මෙම ඉල්ලිම සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත
මතු දැක්වෙන්නේ එම මාධ්‍ය නිවේදනය යි.
මාධ්‍ය නිවේදනය
විපතටපත් ජනතාවට සහන සලසන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන්න !
රටේ විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ එම ජනතාවට සහන සැලසීම කාගෙත් යුතුකමක්ව පවතී. ඒ නිසාම මෙම ව්‍යවසනයෙන් මියගිය පුද්ගලයෙකුට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ දහයක මුදලක් ලබා දීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරන ලදී. එය පැසසිය යුතු කටයුත්තක් වන අතර රටේ සෑම පුරවැසියෙකුම තමන්ට හැකි අයුරින් මෙම ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සැලසීම යුතුකමක් ලෙස සැළකිය යුතුය.
මෙරට ජනතාවගේ සුබ සාධනය අපේක්ෂා කරන ජනතාවාදී සංවිධානයක් වන අප සංවිධානය මෙරට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ තම මාසික වැටුප පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා පරිත්‍යාග කරන ලෙසයි. එසේ කීරීමෙන් මෙම උතුම් කාර්යට දායක වී ආදර්ශයක් ලබා දෙන ලෙසයි.
ජනතාවට සේවය කිරීම සදහා වන පරම චේතනාවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපි හුදෙක් ම බලාපොරොත්තු වෙමු.
මීට විශ්වාසී,
රංජිත් විතානගේ - සභාපති
BA, MA, LLB(Hons) JP
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

