විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන්න

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන්න


ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක (එකයි දශම දෙකක ) මුදලක් වෙන්කර ඇති අතර  2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30 ක් හදිසි අවශ්‍යතා සදහා වෙන්කර ඇති බවත් එබැවින් මුදල් කිසිදු බාධාවක්

කර නොගෙන ජනතාව මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරු වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට අද (28) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

ජනතාව මුදා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේදී තවදුරටත් මුදල් අවශ්‍ය නම් ඉල්ලා සිටින ලෙසත්, හදිසි අවස්ථාවලදී දැනට දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සතුව පවතින මුදල් වැය කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මුදල් වැය කිරීමේදී  චක්‍රලේඛ බාධාවක් වීම වළක්වා ගැනීමට  නව චක්‍රලේඛයක් වහාම නිකුත් කරන ලෙසද මෙහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයේ ලේකම්වරයාට උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවතැන් වු ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කදවුරුවල පාලනය යුද හමුදාවට භාර දීමටද උපදෙස් දුන්නේය.

සිරවී සිටින ජනතාව මුදවා ගැනීමේ  කටයුතු සඳහා අවශ්‍ය බෝට්ටු , හෙලිකොප්ටර් ඇතුලු වෙනත් උපකරණ සහ වාහන පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසද මෙහිදී දිසාපතිවරුන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සම්බන්ධීකරණය සදහා ආරක්ෂක මූලස්ථානයේ වෙනම ඒකකයක් පවත්වාගෙන යාමටත්, ඒ හා සම්බන්ධ වීමට විශේෂ දුරකථන අංක දහයක් හඳුන්වා දීමටත් අදාළ අංශවලට දැනුම් දුන්නේය.

එමෙන්ම ගංවතුර, නායයාම්  සහ ගස්කඩා වැටිම් හේතුවෙන් විනාශ වී ඇති යටිතල පහසුකම් පිළිබඳ ලේඛන සකස් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරු වෙත වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදා තත්ත්වය පහව යාමත් සමඟ එම ලේඛන වලට අනුව ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් අදාළ පිළිසකර කිරීම් ආරම්භ කරන බවත්  වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මුදල් අමාත්‍යාංශයේ  ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජි.අජිත් ගුණසේකර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක යන මහත්වරුද ත්‍රිවිධ හමුදාපතිවරුථ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2025 11 28 at 1.38.09 PMWhatsApp Image 2025 11 28 at 1.38.09 PM 1WhatsApp Image 2025 11 28 at 1.38.10 PMWhatsApp Image 2025 11 28 at 1.38.10 PM 2WhatsApp Image 2025 11 28 at 1.38.11 PMWhatsApp Image 2025 11 28 at 1.38.11 PM 1WhatsApp Image 2025 11 28 at 1.38.12 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න