ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ පස්වරු (නොවැම්බර් 30) 6ට නිකුත් කළ තත්ත්ව වාර්තාවට අනුව ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් අතර අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 370කි.
අදාළ වාර්තාවට අනුව බලපෑමට ලක්වූ පවුල් සංඛ්‍යාව 309,707ක් වන අතර බලපෑමට ලක්වූ සමස්ත පුද්ගල සංඛ්‍යාව 1,118,929කි.
රජයේ මැදිහත්වීමෙන් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 1,494ක් ස්ථාපිත කර තිබෙන අතර ඒවායේ සිටින සමස්ත පවුල් ගණන 55,747කි. සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 196,790කි.
දිට්වා" [Ditwah] සුළිකුණාටුව කන්කසන්තුරය සිට 220 km ක් ඊසාන දෙසින්, කේන්ද්‍රගතව වී ඇති බවත් මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කළේ ය.
මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 24 තුල ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් දිවයිනේ කාලගුණය කෙරෙහි මෙම සුළිකුණාටුවේ බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරු 4ට නිකුත් කළ නිවේදනයේ දැක්විණි.


