අනතුරු ඇඟවීමයි : කැලණි ගඟේ දකුණු ඉවුරේ ජල මට්ටම ඉහළට

අනතුරු ඇඟවීමයි : කැලණි ගඟේ දකුණු ඉවුරේ ජල මට්ටම ඉහළට

කැලණි ගඟේ දකුණු ඉවුරේ ජල මට්ටම මේ වන විට බැම්මේ (Bund) ඉහළම මට්ටමට පැමිණ තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) පවසයි.

ඒ අනුව ඔහු සඳහන් කළේ, අනතුරු ඇඟවීම් පිළිබඳව ඒ ආශ්‍රිත ජනතාව දැඩි විමසිලිමත්ව සිටින ලෙසයි.

එමෙන්ම, මෙම ප්‍රදේශයේ දර්ශන නැරඹීමට හෝ අනවශ්‍ය ලෙස රැඳී සිටීමෙන් වළකින ලෙසත් ඔහු දැඩි ලෙස අවධාරණය කර සිටියි.

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතී.

හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන අතර, එය ආසන්න වශයෙන් මහ ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවය.


නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 8 ඉක්මවයි

ඒ අනුව නාගලගම් වීදියේ මිනුම් පාඨාංකය අඩි 8.35ක් ලෙස දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව ද ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසීය.

තවදුරටත් එම ජල මට්ටමේම පවතින අතර ජල මට්ටමේ වැඩිවීමක් සිදු නොවන බවද පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කැලණි පන්සල ආසන්නයේ පිහිටි ගංවතුර වේල්ල මේ වනවිට සැලසුම් කරන ලද ජල මට්ටමේ උපරිම මට්ටමට පැමිණ ඇති බවය.

ඉදිරියේ දී යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම නිවේදන ගැන අවදානයෙන් සිටින ලෙස ගංවතුර වේල්ල ආසන්නයේ සිටින සියලුම දෙනාගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න