මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත් 309ක් මුදාගනී

මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත් 309ක් මුදාගනී

මාවිල්ආරු වැව් බැම්ම බිඳී යාමෙන් සිර වූ  ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් මෙහෙයුම් මගින්  මේ වන විට පුද්ගලයන් 309 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල්ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමෙන්, එම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇති වුණි.

ඒ අනුව, අද (01) උදෑසන වන විට ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර, මුතුර් ගල්කන්ද විහාරස්තාන පරිශ්‍රය වෙත යොමු කෙරුණි.

නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්‍රාවක්, මුතුර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ ආපදා සහන මෙහෙයුම් සඳහා සූදානම්ව තබා ඇත.

තවද, මෙම මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම නාවික හමුදාව අඛණ්ඩව සිදුකෙරෙමින් පවතී.






Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න