රනිල් විපක්ෂ නායකයින් කැඳවීමට යයි

රනිල් විපක්ෂ නායකයින් කැඳවීමට යයි

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ අතිශය අයහපත් තත්ත්වය හමුවේ ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා සියලුම පක්ෂ නායකයින් කැඳවීමට හිටපු ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.



රනිල් වික්‍රමසිංහ  මහතා ගත් මෙම තීරණය අනුව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයට බදාදා(3)සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතය.

දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

2003 සහ 2016 වසර වල ඇතිවූ ගංවතුර  ව්‍යසනයේදී සහ පශ්චාත්  ගංවතුර සමයේදී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිත බව වජිර අබේවර්ධන  මහතා කීය.

මෙම දරුණු ව්‍යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන්නේ ප්‍රථම අවස්ථාවට බවද වජිර  අබේවර්ධන මහතා කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න