සජිත් ජපාන රජයෙන් සහාය ඉල්ලයි

සජිත් ජපාන රජයෙන් සහාය ඉල්ලයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මෙරට ජපාන තානාපති Akio Isamota අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුනා.



මෙහි දී වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය විපක්ෂ නායකවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජපානයෙන් සහන සේවා කණ්ඩායම් ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ සිය ස්තුතිය ඵල කළේය.

එසේම පසුගිය සමයේ ශ්‍රී ලංකාව මෙවැනි ආපදාවලට මුහුණ දෙන විට දීර්ඝ කාලීන මිතුරකු ලෙස ජපානය ශ්‍රී ලංකාව තනි නොකළ අයුරින්ම මෙවර ද ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස සජිත් ජපන් තානාපතිවරයාගෙන් මෙහිදී ඉල්ලීමක් කළා.



විශේෂයෙන් නායයෑම් සහ ජලගැලීම් හේතුවෙන් විනාශවී ගිය මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත්, දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත් ජපාන රජයේ දැනුම සහ තාක්ෂණික දායකත්වය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී ඉල්ලා සිටියා.



යටිතල පහසුකම් බිඳවැටීම හරහා ජීවනෝපාය අහිමිවීම්, අවතැන්වීම් සහ අත්‍යවශ්‍ය සේවාවන්හි සැපයීමේ බරපතල ගැටළු මතුව ඇති බවත්, අපදා තත්ත්වයෙන් පසු රටතුළ උද්ගතවන සෞඛ්‍ය ගැටළු සහ වසංගත රෝග තත්ත්වයන්ට ශක්තිමත්ව මුහුණදීමට ජපානයේ සහය ලක් රජයට ලබාදෙන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළා.

සියලුම දේශීය හා ජාත්‍යන්තර සහන කටයුතු ආපදාවල ලක්වූ ප්‍රජාවන්ට ළඟා වන බව සහතික කිරීම සඳහා විනිවිද පෙනෙන, වගකිවයුතු සහ දේශපාලනීකරණය නොකරන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහිදී ජපාන තානාපතිවරයාට පැහැදිලි කිරීමක් සිදු කළා.

WhatsApp Image 2025 12 01 at 12.37.51 PM 2WhatsApp Image 2025 12 01 at 12.37.51 PM 1WhatsApp Image 2025 12 01 at 12.37.50 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න