මී උණ (Leptospirosis) රෝගයෙන් ආරක්ෂා වීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක්

මී උණ (Leptospirosis) රෝගයෙන් ආරක්ෂා වීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක්

ඇතිවූ ගංවතුර ආපදා තත්වයෙන් පසු මී උණ (Leptospirosis) රෝගයෙන් ආරක්ෂා වීමේ ප්‍රතිකාර ලබාගැනීමේ  අවශ්‍යතාවය අවධාරණය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනයක් නිකුත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල මී උණ වැළැක්වීමේ පූර්ව ප්‍රතිකාරය (Doxycycline) මහජනතාව අතර අවශ්‍යතාව අනුව බෙදාහරිමින් සිටිති.

මෙම ප්‍රතිකාරය අවශ්‍ය නම් මී උණ වැළැක්වීමේ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අමතන ලෙස ද එම නිවේදනයේ සහන් වේ.

මතු පළ වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.


මාධ්‍ය නිවේදනය

ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැළැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අමතන්න.‍

ඇතිවූ ගංවතුර ආපදා තත්වයෙන් පසු මී උණ (Leptospirosis) රෝගයෙන් ආරක්ෂා වීමේ ප්‍රතිකාර ලබාගැනීමේ  අවශ්‍යතාවය අවධාරණය කෙරේ. ඒ අනුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල මී උණ වැලැක්වීමේ පූර්ව ප්‍රතිකාරය (Doxycycline) මහජනතාව අතර අවශ්‍යතාව අනුව බෙදාහරිමින් සිටිති. මෙම ප්‍රතිකාරය ඔබට හෝ ඔබේ අසල්වාසීන්ට අවශ්‍ය නම් මී උණ වැලැක්වීමේ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දන්වා සිටී.

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ එසේ දැනුම් දීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අදාල පුද්ගලයින් ගංවතුරට නිරාවරණය වීමේ ප්‍රමාණය හා අනෙකුත් සාධක සලකාබලා මී උණ වැලැක්වීමේ ප්‍රතිකාරය (Doxycycline) ලබා දිය යුතු නම් ඒවා නොමිලයේ කඩිනමින් නිකුත් කරනු ඇති බවයි.

මෙසේ වගකීමේන් කටයුතු කිරීමෙන් ගංවතුර ආපදාවෙන් පසු ඇතිවිය හැකි  මී උණ (Lectosprirosis) රෝගයෙන් ආරක්ෂා වීමට මහජනතාවට හැකි බවද වසංගත රෝග අංශය පෙන්වා දෙයි.


වැඩි විස්තර

 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය -
 (0112695112 / www.epid.gov.lk)



Screenshot 2025 12 01 171607

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න