ආපදා හේතුවෙන් සිදුවූ මරණ ගණන 366ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අතුරුදන් ගණන 367කි. ආපදා හේතුවෙන් පවුල් 316,366ක පුද්ගලයින් 1,151,776ක් පීඩාවට පත්ව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද ප.ව. 12:30ට නිකුත් කළ වාර්තාව අනුව, ගංවතුර සහ නාය යාම් හේතුවෙන් වැඩි ම මරණ ගණනක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි.
එම ගණන 88ක් ලෙස සටහන් වී ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ අතුරුදන් ගණන 150කි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 75ක් වාර්තා වී ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 37ක් වාර්තා වී ඇති අතර ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 22ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

