කැලණි ගඟේ ජල මට්ටම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්ෂ එල්.එස් සූරියබන්ඩාර විසින් පැහැදිලි කිරිමක් සිදුකළේය.
ඔහු සඳහන් කළේ මේ වනවිට කැලණි ගඟේ, හංවැල්ල ජල මාපකයේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවය.
හංවැල්ල ජල මාපක අද පස්වරු 2.00 වන විට 8.94ක ජල මට්ටමක් සටහන්ව තිබූ අතර එය පස්වරු 3.00 වන විට 8.86ක් ලෙස සටහන්ව තිබුණි.
නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම පස්වරු 2.00ට සටහන්ව තිබුණේ 8.45ක් ලෙස වන අතර එය පස්වරු 3.00 වනවිට 8.40ක් ලෙස සටහන්ව තිබුණි.
කැලණි ගඟේ ජල මට්ටම සමබන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්ෂ එල්.එස් සූරියබන්ඩාර මහතා,
"මේ වනවිට කැලණි ගඟේ ජල මට්ටම ගතහොත් හංවැල්ලන් ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස තිබෙනවා. විශේෂයෙන්ම අධි ගංවතුර තත්ත්වයටත් වඩා අඩු මට්ටම දක්වා ගංවතුර මට්ටම පහත බැස තිබෙනවා. ඒ වගේම නාගලගම්වීදිය ජල මට්ටමත් මේ වනවිට බැස යාමට පටන් අරගෙන තිබෙනවා. එය ඉතාම සෙමෙන් බැස යන්නේ. ඒ නිසා මෙය බැස ගිය ගංවතුරක් ලෙස සලකන්න එපා. විශේෂයෙන්ම බැස යමින් පවතින ගංවතුරක්.
මේ අවස්ථාව වනවිට එම ගංවතුර ක්‍රමයෙන් අඩු වුණත් ඉතාමත් අනතුරුදායක මට්ටමක තමයි තවම පවතින්නේ. මේ තත්ත්වය මත තවදුරටත් අපි ආරක්ෂා සහිතව හිටියොත් අනතුරක් සිදු නොවී අවසන් දින කිහිපය කලමනාකරණය කර ගැනීමට හැකි වේවි. විශේෂයෙන්ම ඇති අනතුර පහව ගිහින් නෑ. ඒවා බලන්න ගිහින් හෝ එවැනි කාර්යන් සඳහා යෑම ඉතාම අනතුරදායක වෙන්න පුළුවන්.
ඒ වගේම ගංවතුර ඉහළ ප්‍රදේශවලින් කොළඹ සහ පහත්බිම්වලට ඇතුළුවීම තවමත් නතර වී නැහැ. නමුත් ක්‍රමයෙන් අඩුවෙමින් යයි. විශේෂයෙන්ම කඩුවෙල ප්‍රදේශය සහ ඒ ආසන්න ප්‍රදේශ තවමත් ගංවතුරෙන් යටවෙමින් තිබෙන්නේ. ඒ නිසා මේ තත්ත්වය තවදුරටත් පවතිවී, තව ටික වෙලාවක් හෝ තව දිනයක්. එම නිසා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න."

