සිදුවූ ව්‍යසනයත් සමග ලක්ෂ එකොළහකට අධික පිරිසක් පීඩනයට, අසරණ භාවයට පත්ව සිටින බවත්, ඒ අය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ වෛද්‍යවරු 23,000ක් සෞඛ්‍ය කඳවුරු වෙත යොමු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.
ඔහු මේ බව සඳහන් කළේ එම සංගමය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යාලයේ මෙන් ම දිස්ත්‍රික්ක මට්ටමින් පවා අවතැන් වූ ජනතාවට අවශ්‍ය: ආහාර, ඖෂධ වර්ග සහ අනෙකුත් සනිපාරක්ෂක ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව ද වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.

