ලංකාව වෙනුවෙන් ජගත් සංවිධානයෙන් හදිසි රැස්වීමක්

ලංකාව වෙනුවෙන් ජගත් සංවිධානයෙන් හදිසි රැස්වීමක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වයට සහන සැලසීම වෙනුවෙන් මෙරට රජයේ ආයතන සහ මානුෂීය සංවිධාන සමඟ ඒකාබද්ධ ප්‍රතිචාරයක් දැක්වීම සඳහා ඊයේ සිය හදිසි සම්බන්ධීකරණ පද්ධතිය සක්‍රීය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත.



වඩාත් හදිසි අඩුපාඩු හඳුනා ගැනීම සඳහා ආපදා කළමනාකරණ බලධාරීන් සමඟ බහු-අංශ අවශ්‍යතා තක්සේරුවක් සිදු කිරීමට එහිදී පියවර ගෙන තිබේ.

මේ අනුව ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂාව, අධ්‍යාපනය, ආරක්ෂාව, නවාතැන් සහ මුල්කාලීන ප්‍රකෘතිමත් වීමහරහා ඒ ඒ අංශ සම්බන්ධීකරණයට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-අන්ද්‍රේ ෆ්‍රැන්චේ සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාතික ගලවා ගැනීමේ සහ මුල්කාලීන ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රයත්නවලට සහය දැක්වීම සඳහා තම කණ්ඩායම් බලමුලු ගන්වන බවයි.

ආපදාවූවන් වෙත ප්‍රවේශ වීමේ අභියෝග තිබියදීත්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) මගින් ගංවතුර සහ යටිතල පහසුකම් හානි හේතුවෙන් රටේ සෙසු ප්‍රදේශවලින් විසන්ධි වී තිබූ මධ්‍යම කඳුකරයේ බදුල්ලේ ආරක්ෂක මධ්‍යස්ථාන 25කට ජලය ලබා දී තිබේ.

රජය ප්‍රමුඛ ප්‍රයත්නයන්ට සහය වීම සඳහා, ඉන්දියාව සහ පකිස්ථානය ද දරුණුතම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමඟ එක්ව කටයුතු කිරීම සඳහා හදිසි කණ්ඩායම් යොදවා තිබිණ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න