දිට්වා සුළි කුණාටුව නිසා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අද දින දහවල් 10.00 වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 410ක් බවත්, අතුරුදන්ව ඇති සංඛ්‍යාව 336ක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 88 ක් වාර්තා වන අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ මරණ 82ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක් සහ කුරුණෑගලින් මරණ 52ක් වාර්තා වී ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 407,594 කට අයත් පුද්ගලයින් 1,466,615ක පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
කැළණි ගගේ සහ මහවැලි ගගේ අවධානම මට්ටම තවදුරටත්
පවතින අධි ගං වතුර තත්වය හේතුවෙන් කැළණි ගගේ සහ මහවැලි ගගේ අවධානම මට්ටම තවදුරටත් පවතින බවත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
නාගලගම් මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 8.5 සිට මීටර් 6.7 ක් දක්වා පහළ බැස ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
කැලණි ගගේ පහත්බිමිවල ජල මට්ටම පහල ගියත් තවදුරටත් කොලොන්නාව, වැල්ලම්පිටිය, කඩුවෙල ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ.
පහත්බිමිවල ගංවතුර තත්වය තවදුරටත් පවතින බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් එම මධ්‍යස්තානය සඳහන් කරයි.
මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් නිවාස 565 ක් සම්පූරණයෙන්ම විනාශ වී තවත් නිවාස 20271ක් අර්ධ හානි සිදුව තිබේ.
පවතින ආපදා තත්වයෙන් පවුල් 64483 කට අයත් පුද්ගළයින් 233,015 ආරක්ෂිත ස්ථාන 1441ක රඳවා ඇතැයිද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මෙයට අමතරව ඥාති නිවාසවල තවත් පවුල් සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් රැඳී සිටිති.
අධික වර්ෂාව, පස්කදු කඩා වැටීම්, ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.
මාර්ග 108 කට පමණ තවදුරටත් ගමනා ගමනයට බාධා
ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදාන සහ අතුරු මාර්ග 108 කට පමණ තවදුරටත් ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.
මාර්ගවල පස් කදු ඉවත් කිරීම, පිලිසකර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් බදුල්ල, මහනුවර, ගම්පහ, මන්නාරම, අම්පාර, නුවරඑළිය, කුරුණැගල, පොලොන්නරුව, කලුතර, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්ක වලට සිදුව තිබේ.
ආපදා සම්බන්ධයෙන් පවතින තොරතුරු 117 යන කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කරයි.

