ආපදා අවස්ථාවේදී අධි අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන පිරිස් බලෙන් හෝ ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඒ අනුව ඊට අවශ්‍ය නිතීමය ප්‍රතිපාදන සැකසූ බවද ඔහු කීය.
ආපදා තත්ත්වය හමුවේ අධි අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් නොවෙන්නේ නම් බලෙන් හෝ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස තමා පොලිස්පතිවරයාට සහ ආරක්ෂාව භාර අංශ වෙත දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා පැවසීය.
විශේෂයෙන් ම, අධි අවධානම් සහිත ප්‍රදේශවල ජනතාව තවමත් ඉන් ඉවත්වීමට අකැමැත්ත පළ කරන බවට තමාට තොරතුරු ලැබී ඇති බව ත් මෙවැනි අවස්ථාවල දැඩි තීන්දු ගැනීමට සිදු වන බව ත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
ජනාධිපතිවරයා පැවසුවේ, කොත්මලේ ඩෑම් එක පුපුරන බවට යම් පුද්ගලයකු අසත්‍ය පුවතක් ප්‍රචාරය කර ඇති අතර පොලිස්පතිවරයාටත් අදාල බුද්ධි අංශවලටත් ඒ පිළිබඳව සොයා බලන ලෙස තමා දැනුම් දී ඇති බව ය.
පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් සහ ලේකම්වරු සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
”දිස්ත්‍රික්කවල ඇතිවී තිබෙන හානියත්, හානියේ ප්‍රමාණයත් පිළිබඳ වාර්තා අපිට දෙන්න. එතකොට පුළුවන්කම තියෙනවා දළ ඇස්තමේන්තුවක් හදාගන්න. ඒ වගේ ම අපි අනපේක්ෂිත වියදම් සඳහා අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද බිලියන 30කට ආසන්න මුදලක් ඉතිරි වී තිබෙනවා. තවත් අවශ්‍ය නම් මුදල් ප්‍රතිපාදන පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තු හරහා සම්මත කර ගන්න පුළුවන්.
කට කතාවක් කරලා තියෙනවා කොත්මලේ ඩෑම් එක පුපුරා යාමේ අනතුරක් තියෙනවා කියලා. පොලිස්පතිතුමාටත් ඒ වගේ ම අපේ බුද්ධි සේවාවන්ටත් මම දැනුම් දුන්නා වහාම හොයන්න ඕනේ කවුද මේ කටකතා පතිරුවේ කියලා” යනුවෙන් ද හෙතෙම වැඩිදුරටත් කීය.
(Anuradha Herath - mawbima)

