දැනට සීයට 80ක් හරි, දින දෙකකින් සියල්ල හරි! - ජල සැපයුම ගැන සභාපති කියන කතාව මෙන්න

දැනට සීයට 80ක් හරි, දින දෙකකින් සියල්ල හරි! - ජල සැපයුම ගැන සභාපති කියන කතාව මෙන්න

'දිට්වා' සුළි කුණාටුව සමග ඇතිවූ ගංවතුර හා නායයෑම්වලින් හානිවූ ජල යෝජනා ක්‍රම 156 කින් 120ක් යථා තත්ත්වයට පත් කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි සභාපති චන්දන බණ්ඩාර කියා සිටියේ, දින කිහිපයක සිට ඇනහිට තිබූ මහනුවර නගරයට ජලය සම්පාදනය කිරීම දෙසැම්බර් 2 උදෑසන ආරම්භ කළ බවයි.

"ජල සම්පාදන යෝජනා ක්‍රම 156කට හානි වෙලා තිබ්බා, දැනට ගොඩක් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ලංකාව පුරා ම යටවෙලා තිබ්බා බොහෝ තැන්, අර්ධ වශයෙන් හානිවෙලා තිබ්බා"

"ජලය ලබා ගන්නා ස්ථානවලට හානි වෙලා තිබ්බා.පහුගිය දින දෙකේ ජල යෝජනා ක්‍රම 120ක් යථා තත්ත්යට පත් කර ගත්තා, අද හවස් වෙනකොට තව ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන්." හෙතෙම පවසයි

ශ්‍රී ලංකාව පුරා ඇති ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල සම්පාදන යෝජනා ක්‍රම සංඛ්‍යාව 343ක් වන අතර,ආපදා තත්ත්වයෙන් බස්නාහිර පළාතේ ජල සැපයුමට බලපෑමක් නොවු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

"දැන් ජල පාරිභෝගියන්ට ගැටලුවක් නැතිව අඛණ්ඩව සපයන්න පුළුවන්." යැයි  චන්දන බණ්ඩාර සඳහන් කළේය.


ජලසම්පාදනයේදී වැඩි ම හානිය මහනුවරට


කෙසේ වෙතත් ව්‍යසනය ජලසම්පාදනයේදී වැඩි ම හානි මහනුවරට සිදුවූ බවත් හෙතෙම පැවසූ අතර, පේරාදේණිය විශ්වවිද්‍යාලයට, පේරදෙණිය රෝහලට, මහනුවර මහරෝහලට ජල සම්පාදනය කිරීම දින දෙකක් තුළ ආරම්භ කළ බව කීය.

සභාපතිවරයා විශ්වාසය පළ කළේ, තවත් දින දෙකකින් පමණ සියලු ජල යෝජනාක්‍රම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වනු ඇති බවයි.

මේ අතර,ඔහු කියා සිටියේ සිදුව ඇති හානි තක්සේරු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න