ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් පවුල්වල දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ආරම්භ කරන ලද "ආදරය" වැඩසටහනට සිය මාසික වැටුප සහ දීමනා පරිත්‍යාග කිරීමට මන්ත්‍රී නාමල් රාජපක්ෂ තීරණයකර තිබේ.
විපතට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන පොත් පත් පැන් පැන්සල් ඇතුළු අත්‍යවශ්‍ය දේ සැපයීම වෙනුවෙන් "ආදරය" වැඩසටහන
ආරම්භ කළේ පසුගිය සතියේය.
ශ්‍රී ලංකික සමාජයේ දරුවන්ට ආදරය රැගෙන යාමට කැමති ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහන සඳහා දායක විය හැකි බවද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසීය .
ආරම්භ කළේ පසුගිය සතියේය.
ශ්‍රී ලංකික සමාජයේ දරුවන්ට ආදරය රැගෙන යාමට කැමති ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහන සඳහා දායක විය හැකි බවද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසීය .
ආපදා තත්ත්වයෙන් ළමුන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් පීඩාවට
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය පෙන්වා දෙන්නේ සුළි කුණාටුවෙන් දරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරන බවය.
යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජය සමග එක්ව ළමුන්ට අවශ්‍ය හදිසි උපකාර සේවා සහ ජීවිතාරක්ෂක සේවා සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.
දැඩිලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල සිටින දරුවන් වෙනුවෙන් හදිසි අධ්‍යාපන කට්ටල ලබා දීමට ද බලාපොරොත්තු වන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

