කැඩුණු නිවාස හරියට ම සතියකින් සාදා දෙන බවත්, අද සිට දින ගණන් කර බිත්තියෙත් ලියා තබාගන්නා ලෙසත් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර කටාන ප්‍රදේශයේ ආපදාවට ලක් වු පිරිසකට පැවසි ය.
ඔහු මෙම අදහස් පළ කළේ ගංවතුර හේතුවෙන් අවතැන් වූ කටාන ප්‍රදේශවාසින් ගේ නිවාස ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමිනි.
මෙම නිවාස ප්‍රතිසංස්කරණය පලක් නැති බවත්, එම නිවාස අලුතින් ම ඉදි කල යුතු බවත් ඔහු මෙහි දි අවධාරණය කළේ ය.
වෙළද සලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ඇමතු දිලිත් පැවසුවේ එම නිවස ආරම්භ කිරීම සඳහා ප්‍රාග් ධනය ලබා දෙන බවත්, ඒතැනින් යලි නැගිටින ලෙසයි. ඒමෙන් ම එළඹෙන නත්තල හොදින් සමරන්නට සූදානම් වන ලෙස ද එම ජනතාවට දිලිත් පැවසී ය.

