ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ සයවෙනි වාරිකය ඉතා ඉක්මනින් නිදහස් කිරීමට එකඟතාවය පළ කළ බවත් ඒ අනුව සයවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් සති දෙකක් තුළ මෙරටට ලැබෙනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යාංශයේදී අද කැඳවූ පරිත්‍යාගශීලීන්ගේ සමුළුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම එකඟතාව පළ කර ඇත.
එම සමුළුවට මෙරට සිටින විදේශ දූත මණ්ඩල, ද්වී සහ බහු පාර්ශ්වික හවුල්කරුවන් සහ ණය දෙන නියෝජිත ආයතන සහභාගී වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හයවැනි වාරිකය නිදහස් කිරීමත් මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.082 දක්වා ඉහළ යනු ඇත. මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කර අනුමැතිය ලබාදීම සඳහා විධායක කමිටුව එළැඹෙන 15 වැනිදා රැස්වීමට නියමිතව තිබිණි.
මෙරට වත්මන් තත්වය පිළිබඳව සමාලෝචනය කිරීමටත්, ඉදිරි ගමන්මග තීරණය කිරීමටත්, දිට්වා සුළි කුණාටුවෙන් පසුව නැවත ගොඩ නැගීමේ කටයුතු, මුදා ගැනීමේ මෙහෙයුම් සහ සහන සැපයීම සම්බන්ධීකරණය කිරීමටත් මුදල් අමාත්‍යාංශය මෙම පරිත්‍යාගශීලින්ගේ සමුළුව කැඳවා තිබිණි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය සම සභාපතීත්වයෙන් මෙම සමුළුව පවත්වා ඇත.

