මෙරට ඇති වුණ හදිසි ආපදා තත්ත්වය හමුවේ ආපදාවලට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට ළඟා විය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ජාත්‍යන්තර සහයෝගීතා) සාවිත්‍රී පානබොක්ක යන අය විසින් මහත්ම මහත්මීන් එම කණ්ඩායම පිළිගන්නා ලදහ.
සමස්ත කණ්ඩායම 31ක්
විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන්, රසායනාගාර විශේෂඥයින්, විකිරණවේදීන්, සැපයුම්කරුවන්, සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළුව සෞඛ්‍ය වෘත්තිකයන් 31 දෙනෙකු මෙම හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමට ඇතුළත්වන අතර එයින් වෘත්තියන් සිව්දෙනෙකු පසුගිය නොවැම්බර් 30වන දා මෙරටට පැමිණියහ.
27 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මෙරටට පැමිණියේ 30වන දා පැමිණි විශේෂඥයින් මෙරට ආපදාවට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය කරමින් මෙරට අවශ්‍යතා පිළිබඳව සිය මව්රටට ලබාදුන් තොරතුරු, දත්ත සහ වාර්තා අනුව හේතුවෙනි.
හලාවත මහ රෝහල පිළිබඳ විශේෂ අවධානය
හලාවත දිස්ත්‍රික් මහ රෝහල මෙන්ම ඒ ආශ්‍රිත ප්‍රදේශවලට සිදු වී ඇති ආපදා තත්ත්වය පිළිබඳව මෙම කණ්ඩායමේ විශේෂ අවධානය යොමු වී ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාශයේ සම්බන්ධීකරණය හා උපදෙස් මත හලාවත පොදු ක්‍රීඩාංගණය මූලික කර ගනිමින් ඉතා කඩිනමින් රෝගී ප්‍රතිකාර කඳවුරක් ස්ථාපිත කිරීමට ද මෙම විශේෂඥයන් කණ්ඩායම කටයුතු කරනු ලබයි.
එමෙන්ම මෙම විශේෂඥයන් කණ්ඩායම හලාවත ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවට අනුබද්ධ සෞඛ්‍ය ආයතනවල විශේෂ නිරීක්ෂණයකද නිරත වී අවශ්‍ය සහන කටයුතු සිදුකිරීමටද නියමිතය.
සති දෙකකට අධික කාලයක් මෙරට රැදී සිටිමින් සහන ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීමට මෙම විශේෂඥයන් කණ්ඩායම කටයුතු කරන අතර ඒ සඳහා අවශ්‍යවන වෛද්‍ය උපකරණද ඔවුන් විසින් මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇත.
ජනපති ගේ ජපන් සංචාරයේ ප්‍රතිඵලයක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මෙහි දී අදහස් දක්වමින් පැවසුවේ ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිතු දමේ ප්‍රතිපලයක් ලෙස මෙම කාර්ය හැඳින්විය හැකි බව යි. මෙම බැරූරුම් අවස්ථාවේ ශ්‍රී ලංකාවට හොඳ ම මිතුරකු ලෙස ලබා දෙන සහයෝගයට ශ්‍රී ලංකා රජය වශයෙන් ජපාන රජයටත්,ජනතාවටත් ස්තූතිය පුදකර සිටින බව ද වැඩිදුරටත් පැවසී ය.
එම හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී IWASE KIICHIRO මෙහි දී අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය කාලයේ ජපානයේ සිදු කළ විශේෂ සංචාරයෙන් ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තව තවත් වර්ධනය වීමේ ප්‍රථිපලයක් ලෙස මෙම කණ්ඩායම මෙරටට පැමිණි බව යි.
සෞඛ්‍ය අමාත්‍යවරයා ද පැසසුමට ලක් කරයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම අපදා තත්ත්වයේදී ජනතාවට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළුව විවිධ ක්ෂේත්‍ර හරහා සහන ලබා දීම සදහා සෘජුව සිදු කෙරෙන මැදිහත්වීම මෙහි දී මෙම විශේෂඥ කණ්ඩායමේ පැසසුමට ලක්විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය අසංක වෙදමුල්ල, විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
(දීප්ති විජේතුංග)


