පළාත් රැසකට අද සවස වැසි ඇද හැළෙයි - විමසිල්ලෙන් කල්පනාකාරිව ආරක්ෂිතව සිටින්න

පළාත් රැසකට අද සවස වැසි ඇද හැළෙයි - විමසිල්ලෙන් කල්පනාකාරිව ආරක්ෂිතව සිටින්න

දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස තද වැසි ඇති වූ බව ආපදා කළමනාකණ මධ්‍යස්ථානය පැවසීය.

මාතර, මහනුවර, ගම්පහ, කොළඹ, ගාල්ල, බදුල්ල, පොලොන්නරුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල තැනින් තැනට පෙරවරු කාලයේ සහ සවස් කාලයේ තරමක තද වැසි ඇති වී ඇත.

මාතර බෙංගමුව, පස්ගොඩ, දම්පහල ඇතුළු අවට ප්‍රදේශවලට පැය දෙකකට ආසන්න කාලයක් පැවැති වැස්සෙත් කුඹුරු ඇතුළු පහත් බිම් ජලයෙන් යට විය.

බදුල්ලටද යළිත් වර්ෂාව අද පස්වරුවේ සිට ඇදහැලීමට පටන්ගත්තේය.

කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කල්පනාකාරිව ආරක්ෂිතව සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි .

ආපදා මරණ ගණන 481ක් දක්වා ඉහළට

අද (දෙසැම්බර් 04) වනදා සවස 6.00 වන විට ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 481ක් බවත්, අතුරුදන් සංඛ්‍යාව 345ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

මෙම තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් සංඛ්‍යාව 509,680ක පුද්ගලයින් 1,814,54ක් බව එම වාර්තා වේ සඳහන් වේ.

පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගණන 1,967ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 50,173ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ආරක්‍ෂිත ස්ථාන 1,236ක මේ වන විට පවුල් 48,559කට අයත් පුද්ගලයින් 171,492 සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න