ගුවන් විරුවාට ගෞරව දක්වන්න රනිලුත් යයි

ගුවන් විරුවාට ගෞරව දක්වන්න රනිලුත් යයි

ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවසන් ගෞරව දැක්වීය.

සියඹලාපිටිය මහතාගේ දේහය තැන්පත් කර ඇති රත්මලාන පිහිටි නිවසට ගිය හිටපු ජනාධිපතිවරයා අවසන් ගෞරව දැක්වු අතර ඒ මහතාගේ බිරිඳ, මාපියන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස ගමන් කළ හෙලිකොප්ටර් යානා වලද නියමුවකු වශයෙන් සේවය කර තිබේ.

ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම්වල යෙදී සිටියදී සිදුවූ අනතුරින් ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය  මිය ගියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න